Posts

තෙත්තියං

Image
තෙත්තියං ගැන බොහෝවිට කියවෙන්නෙ වැඩක් කරවාගන්නට ගියාම. 'එයාගේ හරිම තෙත්තියං' ඔන්න ඔය විධියට. වැඩේ ඉක්මනට නොකර, ප්‍රශ්න අසමින්, බොහොම හෙමින්, සීරුවෙන්, කරන වැඩ! ඒක එහෙමම තියමුකෝ. ඇත්තටම තෙත්තියං "තියන්නේ" කියතක් මුවහත් කරණකොට. කියතේ දැති පීරි ගාල මුවහත් කළාට පමණක් මදි. ලීය කැපීගෙන යනකොට කියත හිරවෙන්නට බලනවා මොකද කැපුමේ පළල හරියටම කියතේ ඝණකම නිසා. වඳුරාට කූඤ්ඤ ගලවන්න වුණේ ඔන්න ඔහොම තැනකදී තමා. ඔන්න ඕක මගහරවා ගන්නට කියතේ දැති (අඬුවක් මාර්ගයෙන්) දෙපැත්තට නවනවා. දෙවැනි දැත්ත ඊට පළමු දැත්තට විරුද්ධ දෙසට. ඔය වැඩේට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ සෝ ටූත් සෙටිං (saw tooth setting ) එහෙමත් නැත්තං සිංහලෙන් 'සෙට් තියනවා' ලෙසට. මං දැන් තෙත්තියං ගැන මොකුත් කිව්වද? දික් කැපුමට ගන්න කියතේ (rip cut) සහ හරස් කැපුමට ගන්න කියතේ (cross cut) දැතිවල ජ්‍යාමිතිය එකිනෙකට වෙනස්. මුවහත් කරන ක්‍රමය වෙනස්. ඒ ගැන වැඩි විස්තර මෙතනිං    මෙතනිං  බලාගන්න පුළුවන්. සෙට් තියන හැටි නම් මෙතනිං බැලුවට වැරැද්දක් වෙන්නේ නෑ. (ඕඕ අර මුල්ම පින්තූරේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් සෝ ටූත් ජෙනරේටර් සර්කිට් එකක්. ඒවායින්

එරබදු මල් සහ ඩැෆොඩිල් මල්

Image
 එරබදු මල් පිපෙන්නෙ අවුරුදු කාලෙට! පොඩි කාලෙ පැළඉණි වැටේ එරමුදු ගස්වල තිබ්බ මල් දැක්කට පස්සෙ මතක ඇති කාලෙක එරබදු මලක් දැක්කෙ නෑ. ඉන්ටනෙට් එකේ පිංතූර තිබුණට ඒවාවල පාට එහෙම වෙනස් වගේ මට නම් හිතෙන්නෙ.   මේ පිංතූරේ තියෙන්නේ ඩැෆොඩිල් මලක්. අපේ ගෙවත්තේ පිපුණු. ලංකාවේ එරබදු මල් පිපෙනව වගේ මං ජිවත්වන පළාතේ වසන්ත සමයේ මුලින්ම පිපෙන්නේ ඩැෆොඩිල්. ඒ වෙනකොට තවමත් සීතල ගතිය නම් නැති වෙලා නම් නැහැ. ඒ එක්කම හයසින්ත් පිපෙන්න ගන්නවා. ඒ මල් සුවඳයි. තව සුමානයක් විතර ගියාම ටියුලිප් පොහොට්ටු. ඩැෆොඩිල් දකිනකොට මට මිසිස් මුණසිංහ මතක්වනවා. අපි උසස් පෙළ කරන කාලෙ මිස්ගෙ ඉංග්‍රීසි පංතියකට ගියා. ඈ තමා අපිට ඉංග්‍රීසි සාහිත්‍යය, විශේෂයෙන්ම පොඑට්‍රි වලට දොර කවුළු ඇර දුන්නෙ. Wordsworth ගේ  I Wandered Lonely as a Cloud - also known as   Daffodils ඈ විස්තර කරද්දී අපි නොදැකපු ඩැෆොඩිල් මල ඈ සමාන කලේ කුමුදු මලට. (ඇත්තම කියනවනම් කුමුදු මල වුනත් හඳුනන්නේ නෑ) ඊටත් දශකයකට දෙකකට පස්සේ රැකියාවට උතුරු අර්ධගෝලයේ සැරිසරද්දී තමා මුලින්ම ඩැෆොඩිල් මල් දැක්කේ. ඇත්තටම මට පහුගිය පෙබරවාරියේ ලංකාවට පැමිණෙනවිට ඩැෆොඩිල් සහ ටියුලිප් අල ටික