තෙත්තියං



තෙත්තියං ගැන බොහෝවිට කියවෙන්නෙ වැඩක් කරවාගන්නට ගියාම.

'එයාගේ හරිම තෙත්තියං' ඔන්න ඔය විධියට.

වැඩේ ඉක්මනට නොකර, ප්‍රශ්න අසමින්, බොහොම හෙමින්, සීරුවෙන්, කරන වැඩ!


ඒක එහෙමම තියමුකෝ.


ඇත්තටම තෙත්තියං "තියන්නේ" කියතක් මුවහත් කරණකොට.

කියතේ දැති පීරි ගාල මුවහත් කළාට පමණක් මදි.

ලීය කැපීගෙන යනකොට කියත හිරවෙන්නට බලනවා මොකද කැපුමේ පළල හරියටම කියතේ ඝණකම නිසා. වඳුරාට කූඤ්ඤ ගලවන්න වුණේ ඔන්න ඔහොම තැනකදී තමා.

ඔන්න ඕක මගහරවා ගන්නට කියතේ දැති (අඬුවක් මාර්ගයෙන්) දෙපැත්තට නවනවා.

දෙවැනි දැත්ත ඊට පළමු දැත්තට විරුද්ධ දෙසට.

ඔය වැඩේට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ සෝ ටූත් සෙටිං (saw tooth setting )

එහෙමත් නැත්තං සිංහලෙන් 'සෙට් තියනවා' ලෙසට.

මං දැන් තෙත්තියං ගැන මොකුත් කිව්වද?


දික් කැපුමට ගන්න කියතේ (rip cut) සහ හරස් කැපුමට ගන්න කියතේ (cross cut) දැතිවල ජ්‍යාමිතිය එකිනෙකට වෙනස්.



මුවහත් කරන ක්‍රමය වෙනස්.

ඒ ගැන වැඩි විස්තර මෙතනිං  මෙතනිං බලාගන්න පුළුවන්.

සෙට් තියන හැටි නම් මෙතනිං බැලුවට වැරැද්දක් වෙන්නේ නෑ.


(ඕඕ අර මුල්ම පින්තූරේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික් සෝ ටූත් ජෙනරේටර් සර්කිට් එකක්. ඒවායින් මොකුත් කපන්න නම් බෑ. )



ඔබ ඇපල් මලක් වා...ගේ...

 


ඩ්‍රැකීගෙ ඩැන්ඩිලයන් මලක් වා... ගේ...

Comments

  1. ඔය දැති නවන සීන් එක බාස්ල කරනව මමත් දැකල තියෙනව.
    කියතක් මුලින්ම හැදුවට පස්සෙ එය වැඩේ කරන්නෙ මැෂින් එකකින් වග මම හවු ඉට්ස් මේඩ් වීඩියෝ එකක දැකල තියෙනව

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි.
      නමුත් ඉන්පසු දැති මුවහත් කරන සැමවිටම තෙත්තියං තැබීමත් කළ යුතුවේ.

      Delete
  2. Replies
    1. ++++ (වැට) මාර ගස් කියතකින් කැපුවාම //////

      Delete

Post a Comment

Popular posts from this blog

එරබදු මල් සහ ඩැෆොඩිල් මල්