එරබදු මල් සහ ඩැෆොඩිල් මල්

 එරබදු මල් පිපෙන්නෙ අවුරුදු කාලෙට!

පොඩි කාලෙ පැළඉණි වැටේ එරමුදු ගස්වල තිබ්බ මල් දැක්කට පස්සෙ මතක ඇති කාලෙක එරබදු මලක් දැක්කෙ නෑ.

ඉන්ටනෙට් එකේ පිංතූර තිබුණට ඒවාවල පාට එහෙම වෙනස් වගේ මට නම් හිතෙන්නෙ.



 

මේ පිංතූරේ තියෙන්නේ ඩැෆොඩිල් මලක්. අපේ ගෙවත්තේ පිපුණු.

ලංකාවේ එරබදු මල් පිපෙනව වගේ මං ජිවත්වන පළාතේ වසන්ත සමයේ මුලින්ම පිපෙන්නේ ඩැෆොඩිල්.

ඒ වෙනකොට තවමත් සීතල ගතිය නම් නැති වෙලා නම් නැහැ.

ඒ එක්කම හයසින්ත් පිපෙන්න ගන්නවා. ඒ මල් සුවඳයි.




තව සුමානයක් විතර ගියාම ටියුලිප් පොහොට්ටු.


ඩැෆොඩිල් දකිනකොට මට මිසිස් මුණසිංහ මතක්වනවා.
අපි උසස් පෙළ කරන කාලෙ මිස්ගෙ ඉංග්‍රීසි පංතියකට ගියා.
ඈ තමා අපිට ඉංග්‍රීසි සාහිත්‍යය, විශේෂයෙන්ම පොඑට්‍රි වලට දොර කවුළු ඇර දුන්නෙ.
Wordsworth ගේ I Wandered Lonely as a Cloud - also known as Daffodils ඈ විස්තර කරද්දී අපි නොදැකපු ඩැෆොඩිල් මල ඈ සමාන කලේ කුමුදු මලට. (ඇත්තම කියනවනම් කුමුදු මල වුනත් හඳුනන්නේ නෑ)
ඊටත් දශකයකට දෙකකට පස්සේ රැකියාවට උතුරු අර්ධගෝලයේ සැරිසරද්දී තමා මුලින්ම ඩැෆොඩිල් මල් දැක්කේ.


ඇත්තටම මට පහුගිය පෙබරවාරියේ ලංකාවට පැමිණෙනවිට ඩැෆොඩිල් සහ ටියුලිප් අල ටිකක් ගෙනවිත් නුවරඑළියේ (අල) කොමසාරිස් තුමාට දෙන්නට ලොකු ඕනෑකමක් ඇතිවුනා. නමුත් පෙබරවාරි වනවිට අල විකිනීමට තිබුනේ නැති නිසා ලබන වසරේ දෙසැම්බර් කාලයේදී පැකට් එකක් දෙකක් කල්තබා මිළදී ගැනීමට අදහස් කරමි. බලමු!

Comments

  1. ඔන්න මම කොමෙන්ටුව දැම්ම , මල් , ගස්, ආදිය ගැන කොහොමත් කියවන්න කැමතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි!
      Nature කියන එක අපේ ජිවිතේට ළංවෙන තරමට, ජිවිතේත් මල් වගේ නේද?

      Delete
  2. මේ, අල කොමා ඔහේව දන්නවැයි? මම නං ඝර්මකලාපීය මූකලං බස්සෙක් . දැන් ඉන්නෙ සීත හිමේ.
    ඔහේගෙ ප්‍රොෆයිල් පින්තූරෙ තියෙන එව්වට මාත් මනාපයි. විස්තර ටිකක් කිව්ව නං?

    ReplyDelete
    Replies
    1. අල කොමා අර වඳ ආතගේ පරම්පරාවෙන් පැවත එන බ්ලොග් ලෝකේ නිශාචරයෙක් නොවැ., සීත කඳුකරේ වෙසෙන (අහලා තියෙන පිළිවෙලට)
      අරක හැත්තෑ ගණන් වල අග රිසීවර් යුනිට් එකක කපලිං කැපෑසිටර් දෙකක්. එකක් බල්ජ් වෙලා, දෙකම රීප්ලේස් කරන්න තමා හිත. පස්සේ කතා කරමුකෝ ඔව්ව ගැන.
      මේ ඒක නෙවේ ලඟදි අලි එක්ස්ප්‍රස් එකෙන් ගැජට් ගෙන්නුවෙ නැත?

      Delete
    2. සිංහල බ්ලොග් කියවන්නන් ඩ්‍රැකී නොදන්නවානම් දෙමළ ෆිල්ම් බලන්නෝ රජිනිකාන්ත් දන්නෙත් නෑ කියාවි!

      Delete
    3. //..ලඟදි අලි එක්ස්ප්‍රස් එකෙන් ගැජට් ගෙන්නුවෙ නැත...//
      නැත්දත් අහනවා? ගෙන්නලා නැති වෙලා ඉන්නෙ.🤣 දැන් අලුත්ම එක TEMU. දවස් 10 එනවා, ඒත් අලි එක්ස්ප්‍රස් තරම් හොඳ ඉලෙක්ට්‍රොනික්ස් කලෙක්ෂන් එකක් නම් නැති නිසා අලියත් සයිඩ් එකේ ඉන්නවා. ලඟදිම ගත්තෙ මේක:

      Fenvi PCIe WiFi 6E

      Delete
  3. අල කොමාගෙ අලේ බැහැල තියෙන්නෙ දැං.
    මේකට ෆලෝවර් ගැජට් එක දාගත්තනං අපිට එන්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. අල කොමාගෙ අවාරෙටත් අල බහිනවලු ද?
      අ.ජා.කො.ක.ස. රික්වෙස්ට් අත හැරලා බෑ බිස්නස් එකක් කරනකොට.
      ෆලෝවර් ගැජට්එකක් හොයාගත්ත ගමං දානවා.

      Delete
    2. පරණ ඉස්කෝලෙ අපේ පැත්තෙ ඇවිත් ආරාධනා කළා. ඉතිං මාත් ආව.

      Delete
    3. ආරාධනාව පිළිගෙන මෙහි පැමිණි ඔබව සාදරයෙන් ලිපිගනිමු!

      Delete
  4. ඇදලා ගත්තා දමලා ගැහුවා, මලක් පිපුන මල පරවුනා....

    ReplyDelete
    Replies
    1. //ඈ තමා අපිට.... දොර කවුළු ඇර දුන්නෙ// වෙන ඒවටත් ඈ හන්ද දොර කවුළු විවර වෙන්ට ඇති. ඔච්චරටම මතක්වෙන්නෙ එක නෙව

      Delete
    2. ඇත්තටම ඇය අපේ මේ ඉංග්‍රීසියට තියෙන බය ඇරියේ නැත්තං මේ රට රාජ්ජවල ඔලුව කෙළින් තියං ගේම දෙන්න ඒවා බොහොම අමාරු වෙන්න ඉඩ තිබුනා.සෙට් එකෙන් බාගේකටත් වඩා ඉන්නේ පිටරටවල.
      හංගලා අහපු ප්‍රස්නේ ගැන කියනවනං අපේ උපාලිය නං මිස්ගෙ දූට සෙට් උනා.

      Delete
  5. ඩැෆඩිෂ් කොහොම වෙතත් මෙහෙ ඩැන්ඩලයින් නං එමට... මල් පැල, අල ආදිය මොනව උනත් මට වෙල්කම්. එන දවසක මේ පැත්තෙ එන්ඩ, අපිත් හොඳට ම ආගන්තුක සත්කාර දන්නව.

    ReplyDelete
    Replies
    1. ඩැන්ඩිලයන් කිව්වම ඒක අපි සලකන්නේ මහා එපාමකරපු පැළෑටියක් ලෙසට. ගලවද්දී අලේ කැඩුනොත් එතනිං ආයෙම පැලයක්. අනික මල් පිපිලා වේලිලා ගියාම දස දහස් ගානක් බීජ සුළඟේ ගිහිං පළාතටම අළුත් පැළ
      තව එකක් ඔය ඩැන්ඩිලයන් කොළ තියෙනවා සුපමාකට් එකේ සලාද කොළ සෙක්ෂන් එකේ. වෙනම පෝර වතුර දාලා කෑමට වවන එව්වා. වත්තේ ඉබේ වැවෙන එව්වානම් f'king bitter කියල තමා කියන්නේ.

      Delete
    2. ඒ උනාට පොඩ්ඩක් බලන්ඩකො... තණ පිට්ටනියෙ උදේට බලනකොට තැනින් තැන කහපාටට මල් දාහක් විතර පිපිල තියෙනකොට ලස්සන...

      Delete
    3. ඒක නම් ඇත්ත. නමුත් lawn එක මේන්ටේන් කරගන්නත් ඕනේ නේ. එතකොට ඩැන්ඩිලයන් කේස්.

      Delete
  6. මෙතන තියෙනව ඔය ෆලොවර්ස් ගැජට් එක තියෙන තැන ගැන. පොඩ්ඩක් බලන්ට.

    ReplyDelete
  7. හොඳ ආරම්බයක්!
    සුන්දර සටහනක්!
    දිගටම ලියන්න.
    අනෙක් බ්ලොග් කියවා කමෙන්ට් දමන්න!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.
      බලමු මක්කවත් ලියන්න.

      Delete
  8. ඔබ බ්ලොග් අඩවියක් අරඹා . . . . . . . !
    බෙහෙවින්ම සතුට දනවන ආරංචියක් එය!

    ඔබගේ බ්ලොග් අඩවිය මේවන විට අපගේ සින්ඩියේ දුහුණන් මැවුම් සඳහා වෙන්වී ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ දැක්වේ.

    අපගේ සින්ඩිය පිළෛබඳව ඔබගේ බ්ලොගය තුල ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව අප ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.
      අනිවාර්යයෙන්!

      Delete
  9. ආපහු මොකවත් ලියමු!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

තෙත්තියං