එරබදු මල් සහ ඩැෆොඩිල් මල්

එරබදු මල් පිපෙන්නෙ අවුරුදු කාලෙට! පොඩි කාලෙ පැළඉණි වැටේ එරමුදු ගස්වල තිබ්බ මල් දැක්කට පස්සෙ මතක ඇති කාලෙක එරබදු මලක් දැක්කෙ නෑ. ඉන්ටනෙට් එකේ පිංතූර තිබුණට ඒවාවල පාට එහෙම වෙනස් වගේ මට නම් හිතෙන්නෙ. මේ පිංතූරේ තියෙන්නේ ඩැෆොඩිල් මලක්. අපේ ගෙවත්තේ පිපුණු. ලංකාවේ එරබදු මල් පිපෙනව වගේ මං ජිවත්වන පළාතේ වසන්ත සමයේ මුලින්ම පිපෙන්නේ ඩැෆොඩිල්. ඒ වෙනකොට තවමත් සීතල ගතිය නම් නැති වෙලා නම් නැහැ. ඒ එක්කම හයසින්ත් පිපෙන්න ගන්නවා. ඒ මල් සුවඳයි. තව සුමානයක් විතර ගියාම ටියුලිප් පොහොට්ටු. ඩැෆොඩිල් දකිනකොට මට මිසිස් මුණසිංහ මතක්වනවා. අපි උසස් පෙළ කරන කාලෙ මිස්ගෙ ඉංග්‍රීසි පංතියකට ගියා. ඈ තමා අපිට ඉංග්‍රීසි සාහිත්‍යය, විශේෂයෙන්ම පොඑට්‍රි වලට දොර කවුළු ඇර දුන්නෙ. Wordsworth ගේ I Wandered Lonely as a Cloud - also known as Daffodils ඈ විස්තර කරද්දී අපි නොදැකපු ඩැෆොඩිල් මල ඈ සමාන කලේ කුමුදු මලට. (ඇත්තම කියනවනම් කුමුදු මල වුනත් හඳුනන්නේ නෑ) ඊටත් දශකයකට දෙකකට පස්සේ රැකියාවට උතුරු අර්ධගෝලයේ සැරිසරද්දී තමා මුලින්ම ඩැෆොඩිල් මල් දැක්කේ. ඇත්තටම මට පහුගිය පෙබරවාරියේ ලංකාවට පැමි...